කොහොමද Google Search වැඩ කරන්නේ
හොඳයි, අද කතා කරන්නේ අපි නිතරම වගේ පාවිච්චි කරන මේ Google Search වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනයි.
අපි ඕන කරන දේවල් වලින් බොහොමයක් ගොඩක් ලේසියෙන් වගේම ඉක්මනින් හොයා ගන්න අපිට උදව් වෙන Google Search Engine එක වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි.

හොඳයි … හිතන්න මන් මොකක් හරි දෙයක් Google එකේ Search කරනවා. ඇත්තටම මන් මේ Search කරන්නේ web එකේ ද ? නෑ .. මන් search කරන්නේ Google index එකේ. ඒ කියන්නේ මුළු අන්තර්ජාලය පුරාම පැතිරිලා තියන web pages වල අන්තර්ගතයන් පාවිච්චි කරලා Google සමාගම පවත්වාගෙන යන index එක (සරලවම කියනව නම් index database එක).
ඉතින් දැන් බලමු කොහොමද මෙයාල මේ index එක හදාගෙන තියෙන්නේ කියල.

මේකට පාවිච්චි කරලා තියෙන්නේ Spider කියන software program එක. මොකද්ද මේ spider ?

google-spider
ඇත්තටම මේක මකුළුවෙක් වගේ තමයි. මේ Spider කියන Software program එකට පුළුවන් වෙබ් pages වලට ගිහින් ඒවගේ අන්තර්ගතයන් මොන වගේද කියල දැනගන්න වගේම ඒ web pages වල අඩංගු links මාර්ගයෙන් වෙනත් වෙබ් pages වලට යන්නත් පුළුවන්. ඉතින් දැන් තේරෙනවා ඇති නේද කොහොමද මේක සිද්ද වෙන්නේ කියන එක. මුලින්ම ඉතා සුළු web pages ප්‍රමාණයකට තමයි මේ spiders ල ඇතුල් වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව කලින් කිව්ව විදිහට links මාර්ගයෙන් මුළු අන්තර්ජාලය පුරාම පැතිරෙන්න මෙයාලට පුළුවන් කම හම්බෙලා තියනවා. ඉතින් මේ වගේ web pages බිලියන ගණනක තොරතුරු, දහස් ගණනක machines වල store කරලා තියා ගෙන තමයි මේ ඉතා විශාල database එක හදාගෙන ඉන්නේ.
ඉතින් අපි search කරනව කියල කරන්නේ අර Spiders ලගෙ උදව්වෙන් හදාගත්ත ඉතා විශාල database එක search කරන එකයි.

හොඳයි දැන් බලමු මෙතරම් ඉක්මනට අපිට අවශ්‍ය දේවල් වෙන් කරලා ගන්නෙ කොහොමද කියන එක.

ඔන්න මම ගූග්ලේ එකේ search කරනව “fastest trains” කියල.

google-s

මෙන්න මේ විදිහට.

ඉතින් අර කිව්ව index වල මේකට අදාළ දේවල් කොච්චර නම් තියෙන්න පුළුවන් ද ? දැන් අපි බලමු කොහොමද මේ අතරින් වඩා වැදගත් වෙන වගේම අපි බලාපොරොත්තු වෙන විදිහේ web pages තෝර ගන්නේ කියන එක.

මෙතැනදී සැලකිල්ලට ගන්න කරුණු කීපයක්ම තියනවා.

  • අපි search කරන keyword එක අදාළ web page එකේ අඩංගු වෙලා තියන වාර ගණන.
  • keyword එක අඩංගු වෙන්නේ ඒ web page එකේ title එකේද , url එකේ ද එහෙමත් නැත්නම් content එකේ ද යන වග.
  • ඒ වගේම keyword එකට සමාන වචන ඒ web page එකේ අඩංගු වෙනවද කියන එක.
  • අදාළ web page එක quality website එකකද යන වග (මේකෙන් අදහස් කරන්නේ trusted website එකක page එකක්ද කියන එකයි)

    මීලගට වැදගත්ම දේ තමයි web pages වලට ලබාදෙන page rank කියන එක

මේ ranking system එකට අදාළ formula එක හදල තියෙන්නේ google සමාගමේ සම නිර්මාතෘ වරුන් වන “Larry Pages” සහ “Sergey Brin” යන අයයි. මෙතැනදී සැලකිල්ලට අරගෙන තියන වැදගත්ම කරුණ තමයි බාහිර web pages වලින් අදාළ web page එකට links කීයක් තියනවද කියන එක. උදාහරණයක් විදිහට මන් හදන website එකක කොහේ හරි තැනක wikipedia වල මොකක් හරි article එකක link එකක් දාල තියනවා නම් අදාළ article එක අඩංගු වෙබ් page එකේ (wikipedia වල) ranking ඉහල යනවා.

ඉතින් මේ වගේ කරුණු ගොඩාක් සැලකිල්ලට අරගෙන තමයි අපිට අවශ්‍යම results ලබා දෙන්නෙ.

Advertisements