කාලය … හරි අමුතු දෙයක් නේද ? අපි හැමෝටම දැනෙන කාලය ගත වීමේ වේගය එක සමානද ? මොකද්ද ඒකෙ තේරුම ? ඒ කිව්වේ මට එක විනාඩියක් ගත වෙද්දී මගේ ජීවිතේ ගෙවෙන කාලයමද මේ විශ්වයේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ එක විනාඩියක් ගත වෙද්දී ගෙවෙන කාලය වෙන්නෙ ? ම්ම්ම්ම්ම් .. .. .. නෑ ඒක එහෙම වෙන්නෙ නෑ .. .. .. මං පැහැදිලි කරන්නම් ඒක එහෙම නොවෙන්නෙ කොහොමද කියල .. .. ..
මොකද්ද මේ ආලෝකයේ වේගය ??? මොකද්ද මේකෙ විශේෂත්වය ????
ආලෝකයේ වේගය – ආලෝක කිරණයක් ඒකක කාලයකදී ගමන් කරන දුර . ..

ආලෝකයේ වේගය කියන දේ නිරපෙක්ෂයි කියල කිව්වොත් පිළිගන්නවද ? ඇල්බර්ට් අයිස්ටයින් මහත්මය තමා එහෙම කියල තියෙන්නේ .. .. එතුමා කියන විදිහට අපි හැමෝටම පෙනෙන ආලෝකයේ වේගය හරියටම සමානයි.. .. ..
ඒ කියන්නේ මේ විශ්වය තුල ඕනෑම වේගයකින් ගමන් කරන වස්තුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය කියන දේ නියතයක් … එක වෙනස් වෙන්නේ නෑ ..
මෙන්න මේ පුංචි උදාහරණය බලන්න …
හිතන්න මම ඉන්නව පාර අයිනේ හිටගෙන (පොලවට සාපේක්ෂව නිශ්චලව) මට පේනව තත්පරයට මීටර් 10 ක වේගයකින් වෑන් එකක් යනව.. .. ම්ම්ම්ම් …
මගෙන් වෑන් එකේ වේගය මොකක්ද කියල ඇහුවොත් මන් මොකද්ද දෙන උත්තරේ ??? තත්පරයට මීටර් 10 .. .. ඔව් … ඒ මොකද මට සාපේක්ෂව වෑන් එක එක් තත්පරයක් තුල මීටර් 10 ක දුරක් ගමන් කරනව…
හරි දැන් හිතන්න මන් වෑන් එක ගමන් කරන පැත්තටම තත්පරයට මීටර් 5 ක වේගයකින් යනව .. .. ..
දැන් මට සාපේක්ෂව වෑන් එකේ වේගය කීයද ??
තත්පරයට මීටර් 5 නේද ?? ඔව් …
නමුත් හිතන්න ඔය වෑන් එක ආලෝකයේ වේගයෙන් මගෙ ඉස්සරහින් යනව කියල (ප්‍රයෝගිකව මෙය සිදුවිය නොහැකි වුවත් උපකල්පනය කරන්න – තේරුම් ගැනීම සඳහා ) … මන් පොලව මත නිශ්චලව ඉන්න අවස්ථාව සැලකුවොත් වෑන් එකේ වේගය කීයද ??? වැන් එක ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසා උත්තරය “ආලෝකයේ වේගය (C)” .. .. .. දැන් හිතන්න මන් වෑන් එක ගමන් කරන දෙසටම ආලෝකයේ වේගයෙන් බාගෙක වේගයකින්
(C /2) යනව කියල .. .. දැන් ඇහුවොත් මට සාපේක්ෂව වෑන් එකේ වේගය කීයද කියල .. . .. උත්තරය ආලෝකයේ වේගය(C) මයි .. ..
මොකක් ?? එහෙම උනේ කොහොමද ?? මතකද මන් කලින් කිව්වා ඕනෑම නිරීක්ෂකයෙක්ට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතයි කියල … .. ඔව් ඒක නිසා තමයි එහෙම උනේ .. .. .. මගේ වේගය මොකක් උනත් මට සාපේක්ෂව ආලෝකයේ වේගය වෙනස් වෙන්නෙ නෑ .. ..
මෙය සිදුවීමට නම් අනිවාර්යෙන්ම වෙනස් වන කෙනෙක් සිටිය යුතුයි .. .. ..ඇයි මම එහෙම කියන්නෙ .. .. හිතන්න පොලවේ නිශ්චලව සිටින අයෙක්ට වෑන් එක එක් තත්පරයක් තුල C නියත දුරක් ගමන් කරනව පේනව .. .. හරි ඒක ප්‍රශ්නයක් නෑ .. .. නමුත් වෑන් එක ගමන් කරන දෙසටම C / 2 වේගයකින් ගමන් කරන නිරීක්ෂකයෙක් ට එක තත්පරයක් තුල වෑන් එක C දුරක්ම ගමන් කරනව පෙනුනෙ කොහොමද ????
කව්ද මෙතන එහෙනම් වෙනස් උන කෙනා .. .. ම්ම්ම්ම්ම්ම් …… “කාලය” ඔව් කාලය තමයි වෙනස් උනේ …
මොකද්ද ඒකෙ තේරුම .. ..
හරි .. .. හිතන්න, නිරීක්ෂකයා C / 2 වේගයෙන් ගමන් කරන අවස්ථාවේ ඔහුට වෑන් එක තත්පරයක් තුල C දුරක්ම යනවා පෙන්න නම් ඔහුගේ කාලය ගතවීමේ අඩුවක් (පොලවේ නිශ්චල නිරිකෂකයාට සාපේක්ෂව) තිබිය යුතුයි නේද ?
ඒ කිව්වේ .. .. අපි දැනට දන්නා විදිහට, අපිට දැනෙන විදිහට හිතුවොත් ඔහුට වෑන් රථය තත්පරයක් තුල මීටර් C / 2 ක දුරක් යා යුතුයි .. .. ..එනම් අපට හැඟෙන ආකාරයට ඔහුට වෑන් රථය C දුරක් ගමන් කරනවා පෙනෙන්නට නම් තත්පර දෙකක් ගතවිය යුතුයි. නමුත් තත්පර දෙකක් තුල සිදුවිය යුතුයි යැයි හැඟුණ දෙයක් එක තත්පරයක් තුල සිදුවෙලා .. .. අපිට හැඟුණ තත්පර දෙක පොලවට සාපේක්ෂ බව තේරෙනව නේද ?
එහෙනම් පොලවට සාපේක්ෂව තත්පර දෙකක් තුල සිදු වෙච්ච දෙයක් ඔහුට සාපේක්ෂව එක් තත්පරයක් තුල සිදු වෙලා .. ..
ඒ කියන්නේ පොලව මත තත්පර දෙකක් ගත වෙද්දී ඔහුගේ ගත වෙලා තියෙන්නේ එක තත්පරයයි. .. .. හිතන්න නිරීක්ෂකයා ඔය වේගයෙන්ම අව්රුද්දක් ගමන් කරනවා කියල(ඔහුට සාපේක්ෂව අව්රුද්දක්) .. .. පොලව මත අවරුදු 2 ක් ගත වෙලා .. .. දැන් තේරෙනවා නේද කාලය ගත වීම එකිනෙකාට වෙනස් වෙන විදිහ .. ..

මන් මුලින්ම අහපු ප්‍රශ්නයට දැන් උත්තරය හම්බෙන්න ඇති කියල හිතනව .. .. ..

අපි තව දුරටත් ටිකක් හිතමු .. .. ..

ආලෝකයේ වේගයෙන්ම නිරීක්ෂකයෙක් ගමන් කරොත් මොකක් වෙයිද ??
තවත් විදිහකට ඇහුවොත් ආලෝක කිරණයකට සාපේක්ෂව විශ්වය මොන වගේද ?
කලින් කියපු උදාහරණයට අනුව නිරීක්ෂකයා ආලෝකයේ වේගයෙන්ම ගමන් කරොත් ඔහුට කාලය ගතවීමක් සිදුවෙන්න විදිහක් නෑ.. ..
මොකද,, ඔහුට සාපේක්ෂව ආලෝක කිරණයක් නිශ්චල විය යුතු යැයි පොලව මත සිටින අපට හැඟෙනවා නේද ?
පොලව මත කොතරම් කාල ප්‍රාන්තරයක් සැලකුවත් ආලෝක කිරණය ඔහුට සාපේක්ෂව ගමන් කරන දුර 0 විය යුතුයි. නමුත් එසේ නොවන්නේ ඔහුගේ කාලයේ ගලා යාමක් සිදු නොවන නිසාය. (පොලව මත කාලයෙන් තත්පර අනන්තයකදී ඔහුට සාපේක්ෂව සිදු විය යුතු දෙයක් පිළිබඳව සිතන්න). එනම් පොලව මත කොතරම් කාලයක් (අනන්ත කාලයක් දක්වා) සැලකුවත් සිදු නොවන ඔහුට සාපේක්ෂ ආලෝක කිරණයේ චලිතය සිදුවේ.. .. ..
එනම් පොලව මත අපරිමිත කාලයකදී සිදු වේ යැයි (ඔහුට සපෙක්ෂව) සිතන දෙයක් ඔහු තුලින් සිදුවේ.. .. .. ඒ ඔහුගේ කාලයේ ගැලීමක් සිදු නොවන නිසාවෙනි… .. ..
දැන් සිතන්න ..
එහෙනම් ආලෝක කිරණයකට සාපේක්ෂව තමන්ගේ කාලයේ ගැලීමක් සිදු වෙන්නේ නෑ.. ..
දැන් හිතන්න එහෙනම් අපිට පෙනෙන ආකාරයට ආලෝක කිරනයකට විශ්වය තුල යම් දුරක් යාමට එම කිරණයට සාපේක්ෂව කිසිම කාලයක් ගත වෙන්නේ නෑ .. .. ..
තව දුරටත් කල්පනා කරොත් ආලෝක කිරනයකට සාපේක්ෂව විශ්වය තුල ස්ථාන දෙකක් අතර කිසිම දුරක් නෑ .. .. ..
ඒ කියන්නේ ආලෝක කිරණයට පේන විදිහට මුළු විශ්වයම තනි ලක්ෂයක් වෙන්න ඕනේ .. ..

Advertisements